ප්‍රවාහනය

ප්‍රයෝජනවත් අරමුණක් සදහා  ද්‍රව්‍ය හෝ ජීවීන් එක් තැනක සිට තවත් තැනකට රැගෙනයාම

හනික යමන් පුල්ලි ගොනෝ
ප්‍රවාහන මූලිකාංග 

  • මාර්ගය (Way)
  • මාධ්‍යය (Mode)
  • බලය (Power)
  • පර්යන්තය (Terminal)











ප්‍රවාහන පද්ධතිය



මහා මාර්ග
ශ්‍රී ලංකාවේ මහා මාර්ග පිළිබදව දැන ගැනීම සදහා මෙම යොමුවට පිවිසෙන්න.

දුම්රිය මාර්ග
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පිළිබදව දැන ගැනීම සදහා මෙම යොමුවට පිවිසෙන්න.

නළ මාර්ග
ශ්‍රී ලංකාවේ නළ මාර්ග භාවිතය
  • වරායයන්හි සිට තෙල් ගබඩා පර්යන්ත දක්වා ඛණිජ තෙල් ප්‍රවාහනය
  • ජල පිරිපහදු මධ්‍යස්ථානවල සිට ජල ටැංකිවලට සහ පාරිභෝගික ස්ථානවලට පානීය ජලය ප්‍රවාහනය
  • නාගරික ද්‍රව කසල බැහැර කිරීම
  • කර්මාන්තශාලාවල අමුද්‍රව්‍ය හා නිමි ද්‍රව්‍ය ප්‍රවාහනය උදා - සිමෙන්ති
          











                                                                         
උමං මාර්ග 
      
ශ්‍රී ලංකාවේ ප්‍රධාන උමං මාර්ග නොමැත.නමුත් මහා මාර්ගවල දුර අඩුකර ගැනීම සදහාත් කදු පසුකර යාම සදහාත් උමං තනා ඇත. උදා - රම්බොඩ උමග. එමෙන් ම ප්‍රධාන මං සන්ධිවල පාර මාරුවීම සදහා සකස්කළ උමං ද දක්නට ලැබේ. දුම්රිය මාර්ග කදු හරහා වැටී ඇති ස්ථානවලදී ද එවැනි උමං කීපයක් දක්නට ලැබේ.


                                                              



කම්බියානා (Cable cars)    
                                       
කුළුනු මත සවිකරන ලද කම්බි ආධාරයෙන් ගමන්
කරන සැහැල්ලු යානා විශේෂය කම්බියානා ලෙස
හදුන්වනු ලැබේ. මෙම යානා විදුලිය මගින්
ක්‍රියාත්මක වේ. සංචාරක කර්මාන්තය සදහා යොදා ගනී.
කදුකර පුදේශවල කදු මුදුන්වල සිට බෑවුම්
ප්‍රදේශවලට සැහැල්ලු ද්‍රව්‍ය රැගෙන යාමට
භාවිතා කරන කම්බි යානා විශේෂයක් ද වේ.
ඒවා ස්වයංක්‍රීය කම්බියානා යනුවෙන් හැදින්වේ. තේ වතුවල තේ දළු කර්මාන්තශාලාවට ප්‍රවාහනය සදහා බහුලව යොදා ගනී. 


අභ්‍යන්තර ජල මාර්ග

ගංගා, ඇල දොළ, වැව් හා පොකුණු ආදියෙහි විවිධ යාත